පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ශෙහාන් මාලක ගමගේ සිවිල් ක්‍රියාකාරිකයාගෙන් අද (2), අටවෙනි දිනටත් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
මේ වන විට දින 7ක් තුළ ශෙහාන් මාලකගෙන් පැය 60කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබාගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය එල්ල කර මාස 28ක් සම්පූර්ණවීමෙන් පසුවත්, මන්දගාමීව එම පරීක්ෂණ සිදුවන අතරතුර ඊට විරෝධය පළකරමින් විවිධ පාර්ශව කරුණු දක්වනු ලැබීය. ශෙහාන් මාලක ගමගේ ඒ අතරට එක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරකයෙකි. ඔහු මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමෙන් පසුව පොලිස්පතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට පවා පෙළඹි තිබිණි.
0










