ඉටුකම අරමුදලේ මුදල් යොදවාගෙන කොරෝනා මර්ධන කටයුතු සඳහා මිලදී ගත් ගිලන් රථයක් වෙනුවෙන් රුපියල් මිලියන 19කට වඩා වියදම් කර තිබුණද, ටොයෝටා හයිඑස් ගිලන් රථයක මිල රුපියල් 77 ලක්ෂයකට එනම් රුපියල් මිලියන 7.7ක් වන බව මුදල් ඇමතිවරයාගේ කැබිනට් පත්රිකාවකින් හෙළිවේ.
බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ජූලි 28 වෙනි දින “අත්යාවශ්ය ක්ෂේත්ර කටයුතු සඳහා වාහන මිල දී ගැනීම” යනුවෙන් මෙම කැබිනට් පත්රිකාව නම් කර තිබේ. එයින් හෙළිවන ආකාරයට ටොයෝටා හයිඑස් ගිලන් රථ 50ක් මිල දී ගැනීම වෙනුවෙන් ජපන් යෙන් මිලියන 206.78ක් යෙදවේ. මේ අනුව එක් ගිලන් රථයක් යෙන් 413,150ක් පමණ වන අතර ඒ ලංකා මුදලින් රුපියල් මිලියන 7.7ක් පමණ වේ.
මෙසේ තිබියදී ජනාධිපතිවරයා යටතේ පවතින ඉටුකම කොවිඩ් මර්ධන මහජන අරමුදල යොදවා ගෙන ලබාගත් බව කියන ගිලන් රථ වෙනුවෙන් 250%කට අධික මුදලක් වැය කර ඇත. එම තොරතුරු හෙළිවූ අවස්ථාවේ ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වන ලද ඇමතිවරුන් ප්රකාශ කර තිබුණේ මිල දී ගන්නා ලද ගිලන් රථවලට අවශ්ය උපාංග එකතු කිරීමට අතිරේක මුදල් වැය වූ බවය.










