පිටකොටුව තොග වෙළඳ ආනයනකරුවන්ගේ තොරතුරු අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉතා වේගයෙන් ඉහල යාමට පටන් ගෙන තිබේ.
මේ වනවිට සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 150/-ක්, පොල්තෙල් කිලෝ එකක් රුපියල් 575/-ක්, වියලි මිරිස් රුපියල් 510/-ක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 240/- ක්, බී ලූණූ කිලෝවක් රුපියල් 110/- ක් අර්තාපල් අල කිලෝවක් රුපියල් 140/-ක් දක්වා වැඩි වී ඇති බව වාර්තා වේ. මීට අමතරව පසුගිය සතියේ තවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක ආනයන බදු ඉහල දැමීය.
කිරි සහ කිරි නිෂ්පාදන ආනයන කිලෝ ග්‍රෑමයකට රුපියල් 880/-ක බදු මුදලක් පසුගිය සතියේ නියම කළේය.
Views: 0










