දුම්රිය කාර්ය මණ්ඩලයේ 10කට කොරෝනා

දුම්රිය කාර්ය මණ්ඩලයේ 10කට කොරෝනා

දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේ සහ මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට කොවිඩ් – 19 ආසාදනය වීම නිසා දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරය අද (31) තාවකාලිකව වසා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

කොරෝනා ආසාදිතයන් හමුවූ මරදාන ඩීසල් ධාවනාගාරය දැනට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කරන බවත් දැනට වසා දැමා ඇති ජල ශක්ති ධාවනාගාරයේ දුම්රිය ධාවන කටයුතු වෙනත් ධාවනාගාරවලින් සිදු කෙරෙන බවත් දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

දැනට කොවිඩ් – 19 වයිරසය ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත්තේ දුම්රිය රියැදුරන් සහ සහායකයන් බවද සෞඛ්‍ය අංශ කියයි.

මීට පෙර කොවිඩ් ආසාදිතයන් හමු වීම නිසා වසා දැමූ දෙමටගොඩ රනින්සෙඩ් ධාවනාගාරය සහ මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ වැඩ කටයුතු සාමාන්‍ය පරීදි සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්