බැසිල් මුස්ලිම් රටවල් දෙසට හැරෙයි

බැසිල් මුස්ලිම් රටවල් දෙසට හැරෙයි

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඊයේ (27) මුස්ලිම් රටවල් 05ක මෙරට සිටින තානාපතිවරු ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවී තිබේ.

මෙම හමුවට බංග්ලාදේශය, පකිස්තානය, ඊජිප්තුව, සෞධිඅරාබිය සහ කුවේටය යන රටවල් සහභාගී කරගෙන තිබිණි. මෙරට සිටින පකිස්තානු වැඩබලන තානාපතිවරයා සහභාගී වී ඇති අතර අනිකුත් රටවල තානාපතිවරු හමුවී ඇත. මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම ආර්ථික ක්ෂේත්‍රයේ ගැටලු සහ මෙරටට ඉන්ධන ලබාගැනීමත් මුස්ලිම් රටවලින් ආයෝජන ගෙන්වා ගැනීමත් පිළිබඳව මූලික කරුණු සාකච්ඡා කළ බව වාර්තා වේ.

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වී දිවුරුම්දීමේදී තමන් සිංහල බෞද්ධ ඡන්දවලින් තේරී පත්වුණු බව සඳහන් කරනු ලැබීය. එසේම පසුගිය මහා මැතිවරණයේදීද එම ඡන්ද වෙනුවෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලික ප්‍රචාරක කටයුතු සිදුකෙරිණි. ඉදිරියේදී මෙලෙස සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමට ආණ්ඩුව අසමත්වන බව මත පලවෙමින් තිබියදී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මුස්ලිම් රටවල් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීම විශේෂත්වයක් වී තිබේ.

මෙයට පෙර බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති වශයෙන් සිටි 2010 – 2015 ආණ්ඩු සමයේ එවකට ඇමතිවරයෙකු බවූ රිශාඩ් බුදියුදීන් සමග එක්වී විල්පත්තු වනය විනාශ කරමින් ජනාවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්