රත්නපුරයේ පාසල් දරුවෙක් අතුරුදන්

රත්නපුරයේ පාසල් දරුවෙක් අතුරුදන්

රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති එම දරුවා ඉකුත් 24 වන දා සිට අතුරුදන්ව ඇති බව දෙමාපියෝ පවසති.

කෙසේවෙතත් එම දරුවා රාත්‍රී කාලයේ නිවසින් බැහැරව යන ආකාරය අසළ වු CCTV කැමරාවකද සටහන්ව තිබේ.

දරුවා කුමන හේතුවක් මත නිවසින් බැහැරව ගොස් ඇත්දැයි සිතා ගත නොහැකි බවත් මේ වනවිට සියලුම ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස්වල දරුවා සෙවු බවත් අතුරුදන් වු දරුවාගේ පියා පවසයි. ඔහු මඩකලපුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන නිලධාරියෙකි.

දරුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් රත්නපුර පොලීසියට සිදුකළ පැමිණිල්ල මත මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Facebook
Twitter
LinkedIn