රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ ලොව ලොකුම නිල් මැණික් පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත චීනයේ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
මෙම මැණික ලංකා බැංකුව දක්වා ගෙනයාමට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන් බවත් වෙන්දේසියේ විකිණීමට පෙර එහි වටිනාකම තක්සේරු කරගත යුතු බැවින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පවසයි.
චීනයේ මැණික් වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බවත් මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද මැණික අලෙවි කරන මුදලින් සියයට දහයක් රජයට හිමි වන බවත් රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් රත්වත්තේ මහතා වැඩිදුරටත් පවසයි.
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි. මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකේ.










