කොරෝනාවේ තවත් ගරානාවක්…

කොරෝනාවේ තවත් ගරානාවක්…

කොරෝනා වයිරසය ආසාදනය වි දුර මධ්‍යස්ථානයක ප්‍රතිකාරගෙන සුවය ලබා නැවත පැමිණෙන පුද්ගලයන්ගෙන් මහා පරිමාණ මුදල් ගසා කෑමක් කර ගෙන යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.ටී.යූ කුලතිලක පවසයි.

යාපනය ප්‍රතිකාර මධ්‍යස්ථානයක දී සුවය ලබා ඇති ආසාදිතයන් පිරිසක් වෑන් රථයකින් ගම්පහ සිය නිවෙසට ඇරලවීමට එක් අයකු ගෙන් රුපියල් 6000 බැගින් අයකරගෙන ඇති බවද උප සභාපතිවරයා අනාවරණය කරයි.

වයිරසයෙන්සුව වූ ආසාදිතයන් රැගෙන යාමට වාහන නැති බවත් නිවාසවලට යාමට අවශ්‍ය නම් පුද්ගලික වාහනවලින් යා යුතු බව පවසා එසේ වාහන රැගෙන දී මුදල් ගරා ගැනීමක් කරන බවත් උප සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කරයි.

මෙය බලවත් අසාධාරණයක් බවත් මේ තත්වය යටතේ සුවය ලබා ඇති රෝගීන් දොස් පවරන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට මූලික වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට බවද උප සභාපතිවරයා සඳහන් කරයි.

මෙම මුදල් ගසා කෑම වහාම නැවැත්විය යුතු බව පැවසූ උප සභාපතිවරයා අනෙක් පැත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවට එන්නත් නැති බවට ප්‍රකාශ කරන නමුත් දේශපාලන බලපෑම් මත යම් යම් ස්ථානවලදී කොවිඩ් එන්නත් ලබා දීම කර ගෙන යන බවද අනාවරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්