තරඟය ස්ථීරයි

තරඟය ස්ථීරයි

බංග්ලාදේශය සහ ශ්‍රි ලංකාව අතර එක්දින තරගාවලියේ පළවෙනි තරගය අද (23) පැවැත්වීමට නියමිත අතර මීට හෝරා කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපලක් වන ඉසුරු උදානට සහ ශිරාන් ප්‍රනාන්දු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය. එසේම ශ්‍රී ලංකා කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ද මෙම වෛරසයට ගොදුරු වී ඇති බව වාර්තා වූ අතර,

කෙසේ වෙතත් එම සාම්පල දෙවෙනි වර පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේ එම දෙවන වර පරීක්ෂණයේදී ඉසුරු උදානගේ සහ චමින්ද වාස්ගේ වාර්තා Negative විය. ඒ අනුව ශිරාන් ප්‍රනාන්දු නැවතත් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇති බවට තහවුරු වී ඇති අතර ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය සංවිධානය කළ අයුරින් අද දින පැවැත්වීමට කටයුතු කර ඇත.

කොවිඩ් වෛරසයට ගොදුරු වූ ශිරාන් ප්‍රනාන්දු හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ට කිසිදු රෝග පීඩාවක් නොවී මෙම තරගාවලිය සාර්ථක ලෙස අවසන් කරන්නට හැකි වේවා යැයි අපි සැවොම ප්‍රාර්ථනා කර සිටිමු.

©️ Rishie Bro

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්