රාජ්‍ය බැංකු රැසකට කොරෝනා ප්‍රහාර

රාජ්‍ය බැංකු රැසකට කොරෝනා ප්‍රහාර

ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුලු ශාඛා 23 ක් , මහජන බැංකුවේ ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් වසා දමා ඇත.
මීට අමතරව පාමංකඩ පිහිටි ලාෆ්ස් ප්‍රධාන කාර්යාලය තුල ද කොරොනා පොකුරක් ඇතිවී තිබෙන අතර මේ වන විට ආසාදිතයන් 16 දෙනෙක් ලාෆ්ස් ප්‍රධාන කාර්යාලයෙන් වාර්තා වේ.
කොහුවල සහ කොට්ටාවේ පිහිටි කීල්ස් සුපිරි වෙළඳ සංකීර්ණවල සේවය කරන සේවකයන් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමෙන් පසු වසා දැමූ බව කීල්ස් කළමණාකාරිත්වය දන්වා සිටි.

Facebook
Twitter
LinkedIn