ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ විකෘති ප්‍රභේදය – මරණ වැඩි විය හැකියි

ශ්‍රී ලංකාවේ පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ විකෘති ප්‍රභේදය – මරණ වැඩි විය හැකියි

මේ වන ශ්‍රී ලංකාව පුරා පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන B.1.1.7 විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

අදාළ ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල 43ක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ බව හඳුනාගත් බවත් මෙරට තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැඩි වීමට එම විකෘති ප්‍රභේදය බලපෑ තිබෙන බවද ජීවන්දර මහතා සඳහන් කරයි.

මෙම වෛරස් ප්‍රභේදය වේගයෙන් පැතිර යාම නිසා මරණ වැඩි වීමේ අනතුරක් පවතින අතර මෙම විකෘති ප්‍රභේදය නිසා සාමාන්‍ය තත්ත්වයට වඩා මරණ 55%කින් වැඩි වන බවත් පැතිරීමේ වේගය 50%ක් දක්වා වැඩි බවත් පරීක්ෂණවලින් හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn