මුල්‍ය සමාගම් වලට එරෙහිව බදු ගැසීමේ ඇමරිකානු තීරණයට ප්‍රංශයේ හා ජර්මනියේ සහාය!

මුල්‍ය සමාගම් වලට එරෙහිව බදු ගැසීමේ ඇමරිකානු තීරණයට ප්‍රංශයේ හා ජර්මනියේ සහාය!

දිනෙන් දින කොරෝනා වෛරසය වැළඳී පීඩා විඳින මිනිස් වර්ගයා බේරාගැනීමට ඇදහු දෙවියන් නොඑන බව අවබෝධ කරගැනීම කොරෝනා වසංගතය හේතුවෙන් ආගමික ගැටුම් තුල සිරකර සිටි ලෝක ජනතාව ලැබූ ජයග්‍රහණයකි. එහිදී ලෝක ධනවාදය ආරක්ෂා කරගැනීමට හැකියාව ඇත්තේද සමස්ථ ලෝකය මේ තත්වයට පත්කළ මුල්‍ය ප්‍රාග්ධන හිමිකරුවන්ට පමණි. ඒ අනුව ඇමරිකාවේ බයිඩන් පාලනය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ දක්වා බදු නොගෙවමින් වෙට්ටු දැමු බහු ජාතික මුල්‍ය සමාගම් විසින් කොරෝනා සමයේ ලබාගත් අධික ලාභයන්ට එරෙහිව බදු ගැසීමට තීරණය කර ඇත්තේ ප්‍රංශයේ හා ජර්මනියේත් සහයෝගයත් ලබා ගනිමිනි.

තවමත් සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකාව විසිනි. ඇමරිකාව එහිදී තීරණය කර ඇත්තේ 21.3% ක බද්ධක් අය කිරීමට බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිති. එසේම ජෝ බයිඩන් පාලනය ඇමරිකාවේ 0.3%ක් වන ධන කුවේරයන් විසින් කොටස් වෙළඳපලේ ආයෝජන හා උපයන ලාභයන් ඉලක්ක කරමින් 39.6%ක බද්ධක් අයකිරීමටද තීරණය කර ඇත. එසේම ජනගහනයෙන් 45% ක ප්‍රතිශතයක් එන්නත් කරලීමට බයිඩන් පාලනය සමත්වීමත්, ධනවතුන්ගේ බදු ඉහල දැමීමත් නිසා ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය 54-60%ක් දක්වා ඉහල ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර බයිඩන්ගේ මෙම බදු ප්‍රතිපත්තිය සමාජවාදී කෙමනක් ලෙස හඳුන්වමින් රිපබ්ලිකන් විපක්ෂය එය හෙළා දැක ඇත.

ප්‍රංශය හා ජර්මනියේ මුදල් ඇමතිවරුන් ජර්මන් පුවත්පතක් වන “Die Zeit”හට ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් පැවසුවේ ඇමරිකාවේ යෝජනාව සමග ඒකමතිකව එකඟවන බවයි. අප බදු ප්‍රතිශතය ලෙස ඉලක්ක කලේ 12.5%ක් නමුත් ඇමරිකාව එය 21.3% ක ලෙස නම් කරනවා නම් මේ සම්බන්ධයෙන් යුරෝපයේ ආර්ථික හා දේශපාලන කොමිසම (OCDE) සමග සාකච්ඡා කර තීරණය කරනවා” යයි ජර්මන් මුදල් ඇමති Olaf Scholz වැඩිදුරටත් පැවසුවේය. විශේෂයෙන් මෙම බදු ක්‍රමයට යටත් කරනුයේ digital සමාගම් වන google, facebook, apple හා amzon වැනි සමාගම් වන අතර මොවුන් විසින් යුරෝපා සංගමයේ රටවල සිදු කරන ආයෝජන වලදී සිදුකරන බදු වංචා හේතුවෙන් යුරෝපයට අහිමිවෙන බදු ආදායම ඩොලර් බිලියන 100ක් ලෙස ගණන් බලා තිබේ. මීට පෙර අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ සභාපතිනිය මාධ්‍ය වලට පැවසුවේ මෙම බදු අය කිරීම තවකාලික පියවරක් පමණක් බවයි.

කෙසේ වෙතත් වාමාංශික බුද්ධිමතුන් පවසනුයේ මෙම බදු අයකිරීම තුලින් ඔවුන් උත්සහ කරනුයේ කොරෝනා රෝගයෙන් අර්බුදයට ගොස් සිටින ධනවාදය ආරක්ෂා කර ගැනීම පමණක් නම් ඔවුන් කොරෝනා වසංගතයෙන් පාඩමක් ඉගෙන ගෙන නොමැති බවයි. මුල්‍ය ප්‍රාග්ධන හිමිකරුවන් හා රජයන් විසින් ඉතා බරපතළ ලෙස අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා සමාජ ආරක්ෂාවට මුදල් කප්පාදු කිරීමේ ප්‍රථිපලය නිසා ලොව පුරා ජනතාව කොරෝනා නිසා දැනටමත් මියයමින් සිටින බවත් මෙම ව්‍යසනයට ඔවුන් වක්‍රව හා සෘජුව වගකිව යුතු බව බවටත් ඔවුන් චෝදනා කරති.

Facebook
Twitter
LinkedIn