පළමු වරට කොවිඩ් ආසාදිතයින් දහසේ සීමාව පනී

පළමු වරට කොවිඩ් ආසාදිතයින් දහසේ සීමාව පනී

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද (27) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1,111 දෙනෙකු වාර්තා වී ඇත.

මේ දක්වා මෙරට වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,487ක් වන අතර මේ වන විට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 7,984ක්.

මිට පෙර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26) දිනයේදී වාර්තා වූ 997ක් ලෙසිනි. මේ වනවිට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් සියල්ලකම උපරිම ධාරිතාව ආසන්නයට පැමිණ ඇති බවත් ආසාදිතයින් විශාල ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දෙමින් සිටින බවටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn