ගෝටාබය ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රධානී තනතුර සුදේව හෙට්ටිආරච්චිට

ගෝටාබය ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රධානී තනතුර සුදේව හෙට්ටිආරච්චිට

ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරට මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා පත්කර තිබේ.

මෙම පත්වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා අතින් අද (27) දිනයේදී ජනාධිපති කාර්යාලයේ දී සුදේව හෙට්ටිආරච්චි මහතා භාරගෙන ඇති අතර ඉදිරි සතියේ දී එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික මාධ්‍ය ආයතන ගණනාවක ඉහළ තනතුරු දරමින් කටයුතු කර ඇති ඔහු නිවේදකයකු ලෙසද ප්‍රකට පුද්ගලයෙකි. ඔහු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

Facebook
Twitter
LinkedIn