මේ දිනවල උස්බෙකිස්තානයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දිලංක ඉසුරු කුමාර සමත්ව ඇත.
ඒ අනුව මෙම තරගාවලියේ පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පංතියෙන් තරග වදිමින් ‘ක්ලීන් ඇන්ඩ් ජර්ක්’ ක්‍රමයට කිලෝග්‍රෑම් 137ක් ඔසවා දිලංක රිදී පදක්කමට හිමිකම් කියා ඇත. ඉන් අනතුරුව එසවූ මුළු බර ප්‍රමාණය අවසානයේදී කිලෝ ග්‍රෑම් 241ක දක්ෂතාවයක් දැක්වීම හේතුවෙන් මුළු බර ප්‍රමාණයට අනුව දිලංකට එහි ලෝකඩ පදක්කමද හිමි වීම කැපී පෙනෙන සිදුවීමකි.
මේ අතර මෙම තරගාවලියේදී හෙට (20) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙන් තරඟ බිමට පිවිසීමට නියමිතව ඇත.
Views: 0









