ජාතික ජල සම්පාදන මන්ඩලයට අයත් ජල මීටර් (මනු) 97ක් තමන්ට අයත් නිවසක සඟවාගෙන සිටියදී එම ජල මීටර් තොගයද සමග දැරනියගල ප්‍රාදේශීය සභාවේ සභාපති දැරනියගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජල සම්පාදන මන්ඩලය විසින් දැරනියගල කඹුරුගොමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘතියකට අයත් ජල මනු 477 සහ තවත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමක් පිළිබඳව පසුගිය මාර්තු තිස් වෙනිදා දැරනියගල පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව එම ගබඩාව භාර ලිපිකරුවෙක් සහ රියදුරෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව ඊයේ (16) මෙම සභාපතිවරයාට අයත් නිවසක් පරීක්ෂා කර ඇත.
එහිදී සොරකම් කරන බවට සැක කෙරෙන ජල මනු අනු හතක් (97) දැරනියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතුව තිබී සොයාගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී එම ජල මීටර් සොරබඩු බවට අනාවරණය වී ඇති අතර මෙම ජල මීටර් සොරබඩු බව දැන දැනත් ඒවා ළඟ තබාගැනීමේ වරදට සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දැරනියගල ප්‍රාදේශීය සභාවේ බලය හොබවනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය විසිනි.








