චීන ආරක්ෂක ඇමති ලබන සතියේ ලංකාවට

චීන ආරක්ෂක ඇමති ලබන සතියේ ලංකාවට

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සමඟ සාකාච්ඡාවක් සඳහා චීන ආරක්ෂක ඇමති ජනරාල් වී ෆෙන්ගේ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් පසු චීනයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රිකයෙකු මෙරට සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වන අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී චීන රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෙකු වන යැංග් ජීච් මෙටර සංචාරයක් සඳහා පැමිණියේය.

චීන ආරක්ෂක ඇමතිවරයා හදිසියේ මෙරටට පැමිණෙන්නේ විවාදයට බඳුන්වී ඇති වරාය නගරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට දැයි විමසූ විට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීම විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කළේය.

Facebook
Twitter
LinkedIn