මෙරට පෞද්ගලික අංශයේ විදේශීය ණය ගැනීම් ඉහළ දැමීම මූල්‍ය උපායමාර්ගයක් වශයෙන් යොදාගනිමින් කෙටිකාලීනව විදේශ විනිමය රට තුළට ගෙන්වාගැනීම සඳහා බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට සෘජුවම විදේශීය ණය ගැනීමේ අවස්ථාව මහ බැංකුව විසින් ලබාදී තිබේ.
ඊයේ (16) නිකුත්කරන ලද මහ බැංකු නිවේදනයක් අනුව අදාල මූල්‍ය සමාගම්වල ජංගම සහ ස්ථාවර යන මුළු වත්කම්වලින් 20% දක්වා අගයකට සමාන විදේශ මුදල් ණය ලබාගැනීමේ අවස්ථාව උදාකර දී ඇත. ආණ්ඩුව විසින් මහ බැංකුව හරහා මෙම අවස්ථාව ලබාදී ඇත්තේ රට හමුවේ පවතින විදේශ මූල්‍ය අර්බුදය පියවා ගැනීමේ කෙටිකාලීන උපක්‍රමයක් හැටියටය. එහෙත් මේ මගින් ශ්‍රී ලංකාව හමුවේ ඇති විදේශීය ණය බර විශාල වශයෙන් ඉහළ යාමට හේතුවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ වනවිටද රටේ මුළු ණය බරෙන් විදේහීය ණය ප්‍රමාණය 47% ඉක්මවා ගොස් තිබේ. 2019 වසර අවසන් වන විට ලියා පදිංචි මූල්‍ය සමාගම් 42ක් තිබූ බව මහ බැංකු නිල ලේඛනවල සඳහන්ය. මෙම සමාගම්වල මුළු වත්කම්වලින් 20%කට සමාන ප්‍රමාණයකින් විදේශීය ණය ලබා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් රටක් වශයෙන් ශ්‍රී ලංකාව හමුවේ පවතින මුළු විදේශීය ණය බර ඉතා ඉක්මනින්ම 50% කඩඉම පැන යනු ඇති බවට අනතුරු ඇඟවේ.
විදේශීය ණය ශ්‍රේණිගත කිරීම් හමුවේ ශ්‍රී ලංකාව අකණ්ඩවම පහත හෙළා මේ වනවිට දැඩි අනතුරුදායි මට්ටමක පවතින බව ජාත්‍යන්තර ණය ශ්‍රේණි ගතකිරීම් ආයතන ප්‍රකාශ කර තිබේ. එයට සමගාමීව මෙරට මූල්‍ය ආයතන කෙරෙහි විදේශීය විශ්වාසයද බරපතල ලෙස කඩාවැටී ඇති පසුබිමක මූල්‍ය සමාගම්වලට විදේශ ණය ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.











