පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂට එරෙහිව පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කරයි.
ඔහු විසින් විටින් විට පක්ෂ මාරු කරමින් කටයුතු කරන බවත් පොදුජන පෙරමුණේ ක්‍රමවේදය අනුව ඔහු සම්බන්ධයෙන් කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි. මේ වනවිටත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටී. මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ද සහභාගී වී සිටිති.
Views: 0










