කොවිඩ් මර්දන එන්නත හොර පාරෙන් ලබා දිය හැකි බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 1000ක අල්ලසක් ලබා ගත් කොළඹ නගර සභාවේ සුළු සේවකයකු පෙරේදා (6) අත්අඩංගුවට ගත් බව මරදාන පොලීසිය පවසයි.
කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ දී පෝලිමේ නොසිට ප්‍රමුඛත්වය ලබා දිය හැකි බව මරදාන දෙමටගොඩ පාරේ ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ එන්නත් දෙන ස්ථානයට පැමිණි සැකකරු එහි සිටි පිරිසකට පවසා ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 1000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බව පොලිසිය කියයි.
කොළඹ මහ නගර සභාවේ බීජ නාශක සහ තෙල් ගැසීම් යන්ත්‍ර ක්‍රියාකරුවකු වශයෙන් සේවය කරන (40) හැවිරිදි පුද්ගලයෙකු වන සැකකරු පිළිබඳව එම ස්ථානයේ රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන්ට සැක සිතී ඔහුව ප්‍රශ්න කිරීමට ලක්කර පරීක්ෂා කර තිබේ. එහිදී ඔහු සන්තකයේ තිබී රුපියල් 20,500 ක මුදලක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.









