සංචාරකයන් දින 14ක් හෝටල් තුළ සිරකර තබන්නේ සංචාරක මණ්ඩල බලධාරින්ගේ “මෝඩකම” නිසාද? නොඑසේනම් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුවා වී “සල්ලි ගරන්නද?” යන්න සොයා බැලිය යුතු යැයි උදයංග වීරතුංග පවසයි.
තමන් යුක්රේනයෙන් සංචාරකයන් ගෙන ආ විට “හොඳ රටවල්”වලින් සංචාරකයන් ගෙන එන බවට කයිවාරු ගැසූ සංචාරක මණ්ඩල ප්‍රධානීන් දැන් සංචාරකයන් නොපැමිණෙන විට නොයෙකුත් හේතු සපයමින් රටට නොමිලයේ විහිලු සපයමින් සිටින බව උදයංග වීරතුංග වැඩිදුරටත් පවසයි.
සිය ෆේස්බුක් පිටුව හරහා උදයංග වීරතුංග මෙසේ ප්‍රහාර එල්ල කරන්නේ තම සභාපතිනිය වන කිමාර්ලි ප්‍රනාන්දුට බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ඉහළ නිළධාරියෙක් ලංකාටෲත් හා පැවසිය.
Views: 0









