ගම සමග පිළිසඳරට ජනාධිපති ආවට අපිට ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ… බලෙන් මයික් එක උදුරගෙන ප්‍රශන් අහපු ධීවරයා කතාකරයි…

ගම සමග පිළිසඳරට ජනාධිපති ආවට අපිට ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ… බලෙන් මයික් එක උදුරගෙන ප්‍රශන් අහපු ධීවරයා කතාකරයි…

ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර වැඩසටහනේ තවත් අධියරක් පසුගිය දා ගෝමරන්කඩවලදී පැවති අතර එහිදී තම ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙන බව පවසා රැගෙන ගිය සුළු පන්න ධීවරයින්ට තම ප්‍රශ්න ජනාධිපතිවරයාගෙන් විමසීමට අවස්ථාව ලබාදී නැතැයි එම ධීවරයෝ පවසති.

මෙම අවස්ථාවට සහභාගී වූ ධීවර කාර්මිකයෙකු වන කිරි අප්පා නැමැත්තා සඳහන් කරන්නේ තමන් ධීවර කර්මාන්තයේ නිරතව සිටින්නෙකු ලෙස තම කර්මාන්තයට අදාළව තමන්ට ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍ය වුවත් සංවිධායකයින් ඊට අවස්ථාව ලබා නොදුන් බවයි. එම නිසා තමන් මයික් එක බලෙන්ම උදුරගෙන ප්‍රශ්නයක් විමසා සිටි බවත් “ආ ඕක මම දන්නවා…” යැයි පවසා තම ගැටලුවට ලබා දෙන විසඳුම කුමක්දැයි ප්‍රකාශ නොකළ බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්