නිකවැරටිය ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු පස් ව්යාපාරිකයකුගෙන් රුපියල් හාරලක්ෂ විසිපන්දහසක් (රු. 425,000) අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අද (02) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය තහවුරු කරයි.
අදාල මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවරටිය – පුත්තලම ප්රධාන මාර්ගයේ හෝටල් පරිශ්රයකදීය.
කිසිදු බාධාවකින් තොරව පස් ව්යාපාරය කරගෙන යාම සඳහා අවශ්ය කටයුතු සිදුකර දීමටත් එක් ගමන් වාරයකට රුපියල් 1000 බැගිනුල් ලෙස මෙලෙස රුපියල් 425,000ස ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර එම මුදල ලබා ගනිද්දී සැකකාර මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වැඩිදුරටත් තහවුරු කරයි.
අත්අඩංගුවට ගත් ප්රාදේශීය සභා මන්ත්රීවරයා නිකවැරටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Views: 0








