පිටකොටුව වේල්ලවිදියේ ජනාකීර්ණ ස්ථානයක දමා ගොස් තිබූ ගමන් මල්ලක තිබී හමුවූ තරුණියගේ ඝාතකයා උප පොලිස් පරික්ෂකයෙකු බව අණාවරණය වේ. බුත්තල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ මෙම පුද්ගලයා විසින් ඝාතනය කර ඇත්තේ කුරුවිට ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියක බව වාර්තා වේ.
ඝාතනයට ලක්වූ තරුණිය සහ මෙම උප පොලිස් පරික්ෂකවරයා තාවකාලිකව නතර වී සිටි හංවැල්ල ප්රදේශයේ ලැඟුම්හලකට ලබාදී තිබූ තොරතුරු අනුව ඝාතකයාව හඳුනාගත් පොලිසිය විසින් බදුල්ල බඩල්කුඹුර පිහිටි ඔහුගේ නිවස වැටලු අවස්ථාවේදී අසල කැලෑවට පැන ගොස් ඇති මෙම පුද්ගලයා වස පානය කොට සිය දිවි හානි කරගත් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
52 හැවිරිදි විවාහකයෙකු වන මෙම පුද්ගලයා දක්ෂ බොක්සිං ක්රීඩකයෙකු වන අතර බුත්තල පොලිසියේ රාජකාරි සඳහා පැමිණීමට පෙර ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කල බව වාර්තා වේ.
මේ අතර ඝාතනයට ලක්වු තරුණියගේ හිස කොටස ඝාතකයා විසින් සැඟවූ ස්ථානය තවමත් සොයැගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.










