අද (02) දිනය අවසන් වනවිට කොවිඩ් – 19 සාදිතයින් 318 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ.
එම ආසාදිතයින් අතරින් 308 දෙනෙකුම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.
තවත් 09 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව හමු වී ඇති අතර අනෙක් පුද්ගලයා වාර්තා වන්නේ විදේශයන්හි සිට පැමිණි අයගෙනි.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 79,709ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 3,367 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 83,870කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 483කි.
Views: 0













