දූෂණ – වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට

දූෂණ – වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට

රනිල් + මෛත්‍රී ආණ්ඩුව සමයේ රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳව සොයාබැලීම සඳහා හිටපු ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කොම්ෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (01) රාත්‍රී පැවැති කැබිනට රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සම්බන්ධ විමර්ශනයට පත් කළ මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත 2019 සැප්තැම්බර් 26 වනදා බාරදී තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්