ඊයේ (01) ජනාකීර්ණ කොළඹ නරගයේ වේල්ල වීදියේදී ගමන්මල්ලක් තුළ තිබී හමුවූ මළ සිරුර තරුණ වියේ සිටින කාන්තාවකගේ බවට අනුමාන කරන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
හංවැල්ල නගරයේදී බස් රථයකට මෙම ගමන්මල්ලත් රැගෙන ගොඩවී ඇති පුදගලයෙකු පිටකොටුව ගෑස්පහ හන්දියෙන් බස් රථයෙන් බැස වේල්ල වීදියේදි ගමන් මල්ල අතහැර යන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසයි.
මළ සිරුර සහිත ගමන් මල්ල රැගත් පුද්ගලයා ගමන්කල බස් රථයේ රියදුරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇති කාන්තාවගේ අන්යතාවය සොයාගැනිම සඳහා පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩි දුරටත් පවසයි.
Views: 0









