1965 පෙබරවාරි 21 වැනිදා එනම් මීට වසර 55කට පෙර ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් සටනේ නියමුවෙකු වූ MalcolmX, හෙවත් (ඔහුගේ සැබෑ නම El-Hajj Malik El-Shabazz) විසින් Congress of Racial Equality සංවිධානයේ ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් සිටියදී සහසිකයින් තිදෙනෙකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් මරාදැමුනේ ලොව සියළු වාම ප්‍රගතිශීලින් කම්පනයට පත්කරමිනි. ඔහු විසින් නායකත්වය දුන් එම සංවිධානය තුලට පොලිස් ඔත්තු කරුවෙකු ලෙස ඇතුළු වූ කළු ජාතික පොලිස් නිලධාරියෙකු වන RAYMOND WOOD විසින් මියයාමට පෙර ලියන ලද ලිඛිත සාක්ෂියක් මගින් හෙළි කර කියා සිටින්නේ Malcom X මරාදමනු ලැබුවේ නිව්යෝක් පොලීසිය හා ඇමරිකාවේ අභ්‍යන්තර ඔත්තු සේවය වන FBI විසින් බවයි.
Malcolm X උපත ලබන්නේ 1925 මැයි19 වැනිදාය. ඔහුගේ පියා Earl Little ඇමරිකාවේ සුදු ජාතිවාදී සංවිධානයක් ලෙස ප්‍රකට KU KLUX KLAN(KKK) සංවිධානය විසින් මරා දමන ලද්දේ ඔහු විසින් ජාතිවාදී විරෝධී UNIA-ACL සංවිධානයේ සාමාජිකයෙකු වීම හා එහි ක්රියාකාරිත්වයන්ට සෘජුවම දායකත්වය සැපයීම නිසාවෙනි. Malcolm X ගේ මවද සුදු ජාතිකයෙකු විසින් දුෂණය කර තිබිණි. 1929 දී ඔවුන් විසු නිවසද ජාතිවාදීන් විසින් ගිනි තබා විනාශ කර තිබිණි. තම සැමියාගේ මරණයෙන් මානසිකව රෝගී වූ Malcolm Xගේ මව Louise little තම ජීවිතය අවසන් කරනුයේ මානසික රෝහලකදීය. Malcolm X ඉන්පසුව හදා වඩා ගනු ලබනුයේ වෙනත් පවුලක් විසිනි.
කුඩා Malcolm X අධ්‍යාපනයේ ඉතා දක්ෂයෙකු වේ. ඔහුට අවශ්‍ය වුයේ නීතිඥයෙකු වීමටයි. නමුත් ඔහුගේ ගුරුවරයෙකු ඔහුට අවවාද කරනුයේ ඇමරිකාවේ පවතින සුදු ජාතිවාදය හමුවේ එම සිහිනය කිසි දිනෙක ලඟා කරගත නොහැකි බවයි. එයින් අධෛර්යයට පත්වන ඔහු විවිධ කුඩා රැකියා වල නියැලෙමින් සිට පසුව නිව්යෝර්ක් නුවර සපත්තු පොලිෂ් කරන්නෙකු ලෙසද සේවය කරයි. ඉන්පසුව මත්ද්‍රව්‍ය වෙළදාමට හා නිවෙස් මංකොල්ලකරුවෙකු බවට පත්වේ. 1946 දී නිවෙසක් මංකොල්ල කෑමේදී පොලිස් අත් අඩංගුවට පත්වී සිරභාරයට නියමවේ. එම යුගයේ FBI වාර්තාවල ඔහු කොමියුනිස්ට්වාදියෙකු හා කොකේන් ඇබ්බැහිවුවෙකු ලෙස සඳහන් කර තිබේ.
සිරගෙදරදී ස්වයං අධ්‍යපනයක නිරතවෙන Malcolm X සිරගෙය තුලදීම ඉස්ලාම් ආගම වැළඳගනු ලැබීය. එතැන් සිට ඔහු nation of islam නම් සංවිධානයේ සාමාජිකයෙකු බවට පත්වේ. එම සංවිධානය සුදු ජාතිකයන් ප්‍රතික්ෂේප කරමින් ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ කළු ජාතිකයන්ට වෙනම රටක් බිහිකිරීම වෙනුවෙන් සටන් කරන ලද බෙදුම්වාදී ව්‍යාපාරයක් විය. 1952 අගෝස්තු 7 වැනිදා නිදහස ලබන Malcolm X ඉතා වේගයෙන් nation of islam නම් සංවිධානයේ නායකත්වය කරා ගමන් කරයි. ඔහු එතැන් සිට තම නම Malcolm X ලෙස වෙනස් කරගනු ලබනුයේ තම මුතුන්මිත්තන් විසින් මුහුණදුන් වහල්භාවය සංකේතාත්මකව ප්‍රතික්ෂේප කිරීම සඳහාය.
දක්ෂ කථිකයෙකු හා න්‍යායවාදියෙකු වන Malcolm X ඒ වනවිට ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ කීර්තිමත් නායකයෙකු වන මාටින් ලුතර්කිංග් ගේ සාමකාමී අරගල හා සුදු ජාතිකයන් සමග සහෝදරත්වය මාවත ප්‍රතික්ෂේප කරමින් ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කරනු ලැබිය.1960 සැප්තැම්බර් ඔහුට ෆිදෙල් කස්ත්‍රෝ හමුවීමටද අවස්ථාව ලැබේ. 1964දී මක්කම වන්දනාවෙන් පසුව ඔහු වෙනස් වේ. තමන් මේ දක්වා සාමාජිකත්වය දැරු nation of islam නම් සංවිධානයේ සුදු විරෝධී ජාතිවාදය හෙලා දකිමින් ඔහු සමානාත්මතාවය දිනා ගැනීම අරමුණු කරගත් orgnisation of american unity(OAAU) සංවිධානය බිහිකරනුයේ 1963 දී සමස්ථ අප්‍රිකානු රටවල් එක්සත් කිරීම සඳහා පිහිටුවන ලද අප්‍රිකානු (AUO) සංවිධානයේ ආශ්වාදය ලබා ගනිමිනි.
මේ වනවිට ඔහුගේ අතීත මිතුරන් වූ Nation of islam සංවිධානය ඔහුට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන ලද්දේ Malcolm X ද්‍රෝහියෙකු ලෙස සලකාය. ඔහුගේ නිවසටද බෝම්බ ප්‍රහාරයක් එල්ලවිණි. 1965 පෙබරවාරි 21 වැනිදා ඔහු මරාදැමුනු ලැබුවේ 500ක පමණ පිරිසක් වොෂිංටනයේ රැස්වූ රැස්වීමක් අමතමින් සිටින අවස්ථාවකදී ඔහුගේ දරුවන් හා බිරිඳ ඉදිරියේය. Nation of islam හි සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වරදකරුවන් ලෙස චෝදනා කර සිරභාරයට යවන ලද්දේ 1966දීය.
කෙසේවෙතත් 2020 දී පෙබරවාරි 21 දා ඔහු මරා දැමු දිනයේදී Netflixවිසින් ප්‍රචාරය කරන ලද වාර්තා චිත්‍රපටයකින් ප්‍රථම වතාවට MalcolmX මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිරගත කල තිදෙනාගෙන් දෙදෙනෙකු එම මරණය සිදුවන අවස්ථාවේදී එහි නොසිටිය බව සාක්ෂි ඇතිව ඔප්පු කරන ලදී. එයින් පසුව මෙම වසරේදී Malcom Xගේ මරණය සිදුකලේ FBI බව පවසමින් හිටපු පොලිස් නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ලිඛිත සාක්ෂියත් සමග වසා දැමු විමර්ශණය නැවත ආරම්හකරන ලෙස MalcomX ගේ දියණියන් හා එම පොලිස් නිලධාරියාගේ පුතණුවන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටි. ඒ අනුව අදාළ විමර්ශණය වහා ආරම්හ කරන ලෙස නිව්යෝර්ක් පොලීසිය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි.
Malcolm Xගේ දේශපාලන ව්‍යාපාරයට තමන්ව ඇතුළු කරන ලද්දේ FBI විසින් යයි පවසන RAYMOND WOOD නමැති එම පොලිස් නිලධාරියා ඝාතණයට පෙර ඔහුගේ ආරක්ෂක භටයින් දෙදනා ලවා නීති විරෝධී ක්‍රියාවන් සිදුකරවා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන ලෙස ඉල්ලා තමන්ට FBIය විසින් බලකල බව කියා සිටි. එහි ප්‍රථිපලයක් ලෙස ඔවුන්ව අත්අඩංගුවට ගනු ලබන්නේ අදාළ රැස්වීම පැවැත්වූ ශාලාවේ දොරටුවේ ආරක්ෂාව භාරව සිටියේ ඔවුන් බැවින් ඝාතනය පහසු කරවා ගැනීමටය. Malcolm X ගේ දේශපාලන ව්‍යාපාරය ලවා හිංසාකාරී ක්‍රියා සිදුකරලීමට තමන්ගේ උසස් නිලධාරීන් තමන්ට නිතර බලකල බවද ඔහු වැඩිදුරටත් තම ලිපියේ සඳහන් කර ඇත.
කෙසේවෙතත් Malcolm X මරා දැමීමට FBI විසින් තීරණය කරනු ලබන්නේ ඔහු තමන් සිටි කළු ජාතිකයන් සඳහා වූ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් වූ බෙදුම්වාදී න්‍යායයෙන් බැහැර වී සුදු ජාතිකයන් හා කළු ජාතිකයන් සමග එක්ව ඇමරිකාවේ සමානාත්මතාවය වෙනුවෙන් සටන් කිරීමට තීරණය කිරීමෙන් පසුව බව දේශපාලන විශාරදයින්ගේ මතයයි. එම මතය වෙනුවෙන් ඇමරිකාවේ සටන් කල මාටිං ලුතර් කිංග්වද ඒ ආකාරයෙන්ම මරා දමන ලදී. ජාතිය,ආගම, සම්භවය,ලිංගිකත්වය, නොතකා එක්ව සටන්කර අයිතීන් දිනාගැනීමට සංවිධානය වීම පාලකයන් කොයිතරම් භීතියට හා කම්පණයට පත්කරනවාද යන්න මෙයින් තවදුරටත් තහවුරු වේ.










