තෙන්මරච්චියෙන් දින දෙකට ආසාදිතයන් 21ක්

තෙන්මරච්චියෙන් දින දෙකට ආසාදිතයන් 21ක්

යාපනයේ තෙන්මරච්චි කලාපයෙන් යළිත් වරක් දින දෙකක් ඇතුළතදී කොරෝනා රෝගය වැළඳුණු රෝගීන් 21 දෙනකු හමුවී තිබේ. එම ප්‍රදේශයේ බොහෝ කටයුතු ඒ අනුව 21 දා සිට සීමා කොට තිබේ. තෙන්මරච්චි පොදු වෙළඳසලේ තොග එළවළු වෙළඳසලෙන් මෙවරත් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවී ඇති අතර ඔවුන් ඉතා ළඟින් ඇසුරු කළ දෙවැනි ආශ්‍රිතයන් පිරිස හ‍ඳුනාගැනීමට නොහැකි වී ඇති නිසා තෙන්මරච්චි, මුරුසවිල් වැනි පළාත්වලට යම් යම් සීමා පනවා තිබේ.

වාචාකච්චේරිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ තෙන්මරච්චි කලාපයේ ජනතාව හැකිතාක් සිය නිවෙස්වලම සිටිය යුතු බවයි.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසත් යම් රෝග ලක්ෂණයක් පහළ වන්නේ නම් වහාම වාචාකච්චේරි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට හෝ ළඟම පිහිටි රජයේ රෝහලට වාර්තා කරන ලෙසටත් දැනුම් දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්