සැලසිනේ ආයතනයේ මුදල් එම ආයතනයේ සුබසාධක ගිණුමට බැර කර රුපියල් කෝටියකට අධික මුදල් ප්රමාණයක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එහි හිටපු සභාපති ප්රදීප් උදය කුමාර එදිරිසිංහ රුපියල් විසිපන් දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂදහය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා ඊයේ (23) නියෝග කර තිබේ.
එසේම සැකකරුගේ ගුවන් ගමන් තහනම් කළ මහේස්ත්රාත්වරයා ඔහුගේ විදේශ ගමන් බලපත්රය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර ඇති අතර විදේශගත වීමට අවශ්ය නම් අධිකරණයේ අවසර ගත යුතු බවට නියෝග කර ඇත. වර්ෂ 2010 සිට 2015 දක්වා අතර කාලය තුළදී සැලසිනේ ආයතනයට බැර විය යුතු මුදල් සුබසාධක සංගමයේ ගිණුමට බැර කර රුපියල් එක්කෝටි දහනවලක්ෂ අසූැටදහසක (රු. 11,988,000) මුදලක් ලබාගෙන මූල්ය වංචාවක් සිදු කළැයි මෙම සැකකරුවන්ට එරෙහිව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.
මෙම මූල්ය වංචාව පිළිබඳව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කර තිබුණේ සැලසිනේ ආයතනයේ හිටපු සභාපති මුහන්දිරම් තුසිත ඉන්ද්රජිත් ජයවර්ධන විසිනි.









