අද සහ හෙට රට පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් දියත් කර ඇත. වෘත්තීය සමිති 32ක් ඒකාබද්ධව සිදු කර ලබන මෙම වැඩ වර්ජනය නිසා රටපුරා රෝහල් ගණනාවක ම කටයුතු අඩාල වී ඇත.
නිසි පටිපාටියකින් තොරව රෝහල් කාර්ය මණ්ඩලය සඳහා සේවකයන් බඳවා ගැනීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව මෙම වැඩ වර්ජනය දියත් කර ඇත. මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ කටයුතු සඳහා හමුදාව යොදවා ඇති බවද වාර්තා වේ.
Views: 0









