චීන හා ඉන්දීය ව්‍යාපෘති 02කට දුම්රිය වෘත්තිය සමිති විරෝධය

චීන හා ඉන්දීය ව්‍යාපෘති 02කට දුම්රිය වෘත්තිය සමිති විරෝධය

ඉන්දීය ණය වැඩසටහන යටතේ මහව සහ ඕමන්තේ අතර ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය මාර්ග ව්‍යාපෘතියටත් චීන සමාගමක් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විරෝධය පළකරමින් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය නතර කර තිබේ.

දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ‘ලොකෝමෝටිව් ඔපරේටින් ඊංජිනියර්ස්’ රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ පවසයි.

උක්ත ව්‍යාපෘති සම්බධ ගැටලුව ගැන ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ හෙට (23) පෙරවරුවේ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වු බැවින් වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළැඹි බව ඔහු වැඩිදුරටත් පවසයි.

කිලෝ මීටර 131ක් පමණ දුරුති මහව – ඕමන්තේ මාර්ගය සම්පුර්ණයෙන් ගලවා වසරක කාලයකින් පමණ පසු නැවත ඉදිකිරීම ජාතික අපරාධයක් බවත් එමනිසා එම ව්‍යාපෘතිය වහා නතර කොට මහව – පොල්ගහවෙල දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දික දොඩංගොඩ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්