වැඩි මිලට වී දෙන්න එපා යැයි ගොවීන්ට කියන අපූරු ඇමති

වැඩි මිලට වී දෙන්න එපා යැයි ගොවීන්ට කියන අපූරු ඇමති

පෞද්ගලික වී මෝල් හිමියන් රජයේ සහතික මිලට වඩා වැඩි මුදලකට ගොවීන්ගෙන් වැඩි මිලට වී මිලදී ගන්නා බැවින් ගොවීන් රජයට වී ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී පොහොර සහනාධාරය නොලැබෙනු ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්වන ඇමතිවරයා…

“මේ රටේ වී ගොවියෝ ඉන්නේ දස ලක්ෂ 41,923 යි. මේකෙන් අපි වී මිලදී ගන්නේ හෙක්ටයාර් 1ටක වැඩි ගොවීන්ගෙන් පමණයි. එහෙම ගොවීන් ඉන්නේ 266,291කයි. ඒ කියන්නේ 27%යි. 73%කට පොහොර සහනාධාරය, රක්ෂණය සහ රජය අනුග්‍රහය දක්වන සියලු දේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා. හෙක්ටයාර් 1ටක වැඩි ගොවීන්ගෙන් පමණයි අපි වී කිලෝ 1000ක් ලබා දෙන්න කියලා කියන්නේ. මේ වැඩපිළිවෙලෙන් ගොවියා ඉවත් වුණොත් පොහොර සහනාධාරය අහිමිවෙයි. අපි 50ක සහතික මිල කරපු ගමන් සහල් මාෆියාවට සම්බන්ධ අය ගිහින් 54ට මිලදී ගන්නවා. මේ ටික අරගෙන නිෂ්පාදනය සඳහා විශාල මුදලක් යනවා, ඒ නිසා හාල් 125ට දෙන්න ඕනේ කියලා ආණ්ඩුවට බලකරනවා. එහෙම කරලා බිලියන ගාණක වංචාවක් කරනවා. සමස්ත ගොවියන්ගේ 73%කට පොහොර සහනාධාරය ඒ විදියට ලැබෙනවා. ඉතිරි 27%ත් මේ විදියට කිලෝ 1000ක් දුන්නොත් ලැබෙනවා. සමහර විට 1-2% කට පොහොර සහනාධාරය නොලැබෙයි. මේ දෙකටම ගොවියා ලැස්ති නැතිනම් ආණ්ඩුවට පාලන මිලෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ වී කිලෝව රුපියල් 25ට බහිනවා.” යනුවෙන් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්