ජෝන් කීල්ස් අදානිගේ දේශීය නියෝජිතයා වෙයි – කොළඹ වරාය ඉන්දියාව අතටම යයි

ජෝන් කීල්ස් අදානිගේ දේශීය නියෝජිතයා වෙයි – කොළඹ වරාය ඉන්දියාව අතටම යයි

කොළඹ වරායේ SAGT පර්යන්තය බදු ගෙන ඇති ජෝන් කීල්ස් සමාගම තමන්ගේ ලංකාවේ නියෝජිතයා ලෙස ඉන්දියාවේ අදානි සමාගම ප්‍රකාශයට පත්කර ඇත. මේ වන විට කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම්වලින් 35%ක් සිදු කරන්නේ SAGT පර්යන්තය හරහා ජෝන් කීල්ස් සමාගම විසිනි.

මේ අනුව ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව එකඟ වී ඇති පරිදි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දුනහොත් මෙම සමාගම් දෙක එක්ව කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම්වලින් 2/3ට වැඩි ප්‍රමාණයක් සිදු කරනු ඇත.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති සමයේ මෙම SAGT පර්යන්තය ජෝන් කීල්ස් සමාගමට වසර තිහකට බදු දෙන ලදී. එම ගිවිසුම 2028 දී අවසන් ව එම පර්යන්තයේ යළි වරාය අධිකාරියට ලැබීමට නියමිතය. නමුත් ජෝන් කීල්ස් සහ අදානි සමාගම් එක්ව කටයුතු කිරීමෙන් කොළඹ වරාය මෙහෙයවීමේ සම්පූර්ණ බලය ඉන්දියාව අතට යෑමේ අනතුර දැන් ඇතිවී තිබේ.

Facebook
Twitter
LinkedIn