EPF සල්ලි ඡන්දවැඩට පිල්ලි යයිද?

ගාමිණී ලොකුගේ කම්කරු සහ කම්කරු සඹඳත‍ා අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධූරය පුරප්පාඩු ලෙස පවත්වා ගැනීම සේවක අර්ත සාධක අරමුදලේ මුදල් පිල්ලි ගැසීමේ තැතක් දැයි සැක සහිත බව සේවක සේවිකාවන් පවසති.

කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන උපාලි විජේවීර මහතාට කම්කරු දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්  ලෙස වැඩබැලීමට පත් කරනු ලැබීම මෙය තහවුරු කරන කරුණක් බව ඔවුන්ගේ හැඟීමයි.

කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස කරනු ලබන නිර්දේශයක් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස අනුමත කරනු ලැබීමට එකම පුද්ගලයෙකු යෙදීම තුළින් දූෂණ අක්‍රමිකතාවන්ට ඉඩ කඩ පෑදෙන බව පෙන්වාදෙන දෙපාර්තමේන්තු නිලධාරීහු විශේෂයෙන් කෝටි ගණනක වත්කම් හිමි සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) පරිපාලන කටයුතු කරන ආයතනයක මෙබදු තත්වයක් ඇතිවීම අරමු‍දලේ තැන්පත්වල සුරක්ෂිතතාවයට බලවත් තර්ජනයක් බවට අනතුරු අඟවති.

Facebook
Twitter
LinkedIn