මෙම වසරේ මුල් මාස හතර තුල ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 1860ක අලාභයක් ලබා ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ වසර මැද වාර්තාවේ දැක්වේ.
පසුගිය 2013 වසර අවසන් වනවිට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 17.70ක පිරිවැයක් දරා තිබූ අතර මෙම වසරේ මුල් මාස හතර අවසන් වනවිට එම පිරිවැය රුපියල් 24.37ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද එහි සඳහන් වේ.
විදුලිබල මණ්ඩලයට මෙම අප්‍රේල් අවසන් වනවිට රුපියල් කෝටි 4434ක නොපියවූ බැංකු ණයක්ද තිබිණ. රුපියලේ අගය අඩුවීමෙන් ගල් අගුරු ආනයනය සහ දැවි තෙල් සඳහා වැයවන වියදම සංඛ්‍යාත්මකව ඉහළයාමට හේතු වී තිබේ.
Views: 0









