සන්ධානයෙන් විමල් එළවයි

ඌව පළාත් සභාව නියෝජනය කළ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉකුත් මැයි මස 22දා පැවැති පළාත් සභා රැස්වීමේදී ජා.නි.පෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා එක්සත් ජාතික පක්ෂයට එක්විය.ආණ්ඩුව විසින් පසුගිය කාලය පුරාම වීරවංශ මහතාගේ ගෝලයන් බිලී බෑම හේතුවෙන් මේ වනවිට ජ.නි.පෙ.ට සන්ධානයේ සිටිය නොහැකි තත්වයක් උදා වී ඇත.

පසුගිය කාලය පුරාවට ජනතාව‍ රවටමින් විකටයකු ලෙස ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව වීරවංශ මහතා මේ වනවිට තමන්ගේ තත්වය තේරුම් ගෙන තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව ඌව පළාත් සභා මැතිවරණයට ජ.නි.පෙ. තනිවම තරඟ කරන බව අද (29) පැවති මධ්‍ය හමුවකදී වීරවංශ මහතා ප්‍රකාශ කර තිබේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ සිටින ජ.නි.පෙ.පළාත් සභා නාමයෝජනා අපේක්ෂාවෙන් සිටී අයටද එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා නොලැබෙන බව තහවුරු වීමෙන් බලවත් කලබලයට පත් වී සිටියේය. ජ.නි.පෙ.ට තනිවම තරඟ කිරීමට සිදු වූයේ විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබුණු පලා බෙදීම නිසා බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn