ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල පිහිටු වීම ජනාධිපතිවරයාට පාරාවලල්ලක් වී තිබේ. වත්මන් ආණ්ඩුවේ මැතිඇමතිධූර විපක්ෂයේ සිට පැමිණ පිරිස්වලට ලබා දීම නිසා මෙම තත්වය බරපතල වී ඇත.
මාතලේ දිස්ත්‍රික්කය තුළ බරපතල ගැටීම් ඇති අතර එම දිස්ත්‍රික්යේ ආසන බලමණ්ඩල පිහිටුවීමේ දී එම ගැටීම් පුපුරායමින් පවතී. ඊයේ (27) රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතාගේ පුද්ගලික ලේකම් සහභාගී වී ඇති අතර එයට මධ්‍යම පළාත් සභා ඇමති බන්ධුල යාලේගම මහතා විරෝධය පෑම නිසා උණුසුම් තත්වයක් ඇති විය. පසුව පුද්ගලික ලේකම්වරයා එම ස්ථානයෙන් පළවාහැර තිබේ.
Views: 0









