ISIS අන්තවාදීන් ආගමික ත්‍රස්තවාදය පතුරුවයි

ඉරාකයේ ISIS අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන්  විසින් මේ වන විට අනෙක් ආගම්වලට සහ සහ තම ආගමේ වෙනත් නිකායන්ට අයත් සිද්ධස්ථාන පවා විනාශ කරමින් ආගමික ත්‍රස්තවාදය පැතිරවීමට පටන්ගෙන ඇත. මීට දින කීපයකට පෙර තම බල ප්‍රදේශවල වෙසෙන ක්‍රිස්තු භක්තිකයන්ට ඉවත්වන ලෙස නියෝග කර තිබූ අතර ඔවුන්ට අයත් ආගමික ස්ථානද විනාශ කර තිබුණි. පසුගිය කාලය තුල මෙසේ විනාශ කළ අන්‍යාගමික ස්ථාන ප්‍රමාණය 45ක් පමණ වේ.

ඒ අතර ඔවුන් එකින් එක ඉරාක නගර අත්පත් කර ගනිමින් සිටිති. ඔවුන්ට එතරම් බලයක් ලැබුනේ කෙසේදැයි ‍ප්‍රශ්නයක් මේ වන විට ඉතිරි වී තිබේ. ඊට මධ්‍යස්ථ ජාත්‍යන්තර මාධ්‍යවල පිලිතුර වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසින් අල් කයිඩා ත්‍රස්තවාදීන් නිර්මාණය කළ ආකාරයෙන්ම ISIS ත්‍රස්තවාදීන්ද සවුදි අරාබියේ සහ ඊශ්‍රායලයේ උදව් ඇතිව නිර්මාණය කර ඇති බවය. ඒ සඳහා සාක්ෂි ලෙස විවිධාකාර තොරතුරු රාශියක්ද ඔවුන් ඉදිරිපත් කරති.

පසුවදන – කෙසේ වෙතත් පලස්තීන ගැටළුවේදී ISIS ත්‍රස්තවාදීන්ගේ නිහඬ පිළිවෙත සහ ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ඇමරිකාවේ ලිහිල් ප්‍රතිපත්ති එම කාරණය  තහවුරු කිරීමට ආධාර වී තිබේ. තමන්ම නිර්මාණය කළ අල්කයිඩා ත්‍රස්තවාදීන් පෙන්වා ස්වාධීන රටවල් ආක්‍රමණය කළ එක්සත් ජනපදය ISIS ත්‍රස්තවාදීන්ද පෙන්වා නැවත වටයකින් ස්වාධීන රටවලට මැදිහත්වීමේ අවධානමක් පවතී. එහිදී ඇති වන ගැටළුව වන්නේ ISIS ත්‍රස්තවාදීන් පිටුපස සිටින්නේ ඇමරිකාව බව නොදන්නා විට ලෝකය පුරා සිටින වෙනත් ජාතිවාදීන් ඇමරිකාවේ හෝ ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ක්‍රියාමාර්ග අනුමත කිරීමට පෙළඹීමය. එය ඇමරිකාවට හෝ එහි හිතවතුන්ට වෙනත් රටවලට මැදිහත්වීමට බලපත්‍රයකි. වර්තමානයේ අප පලස්තීන අර්බූදය තුලින් දකින්නේ ඒ යථාර්තය බවද විචාරකයෝ පවසති. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් නිර්මාණය කර තම දේශපාලන අරමුණු වෙනුවෙන් හැමවිටම ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ව භාවිතා කරන බවත් ලෝකය හමුවේ ත්‍රස්තවාදයට පිලිතුර තමන් යැයි අඟවමින් තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග සධාරණය  කිරීමට එය යොදාගන්නා බවත් ඔවුහු පවසති.

“එක්සත් ජනපදය, ඉස්ලාම් ත්‍රස්තවාදය පෙන්වමින් ඉරාකය හා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර ඉස්ලාම් ත්‍රස්තවාදීන්ටත් වඩා දැවැන්ත විනාශයක් කරමින් මේ වන විට එම රටවල තෙල් සම්පත කොල්ලකමින් සිටී. ඊශ්‍රායලයද ත්‍රස්තවාදීන් සොයන බව පවසමින් පලස්තීනය ආක්‍රමණය කර සිය ගණන් දරුවන් හා කාන්තාවන් ඇතුළු අහිංසක සිවිල් ජනතාව සමූලඝාතනය කර ත්‍රස්තවාදය පතුරවමින් සිටී. අතීතයේදී මෙන් පලස්තීන භූමිය අත්පත් කර ගැනීම එහි අරමුණ වී තිබේ. එමෙන්ම තවත් බොහෝමයක් රටවල් තුල සිවිල් යුධ තත්වයන් නිර්මාණය කර ඒවාට මැදිහත් වන මුවාවෙන් එම රටවල සම්පත්ද සූරාකෑමට පටන් ගෙන තිබේ.”

මේ අනුව පැහැදිලි වන්නේ ආගමික අන්තවාදය භාවිතා කර තම ආර්ථික අන්තවාදය පැතිරවීමට ඔවුන් ක්‍රියාකරන ආකාරයයි. මේ ආකාරයෙන්ම බොහෝමයක් රටවල පාලකයින්ද තම අසමත් පාලනයන් ජනතාව අතර පවත්වාගෙන යාමට ආගමික අන්තවාදයන් භාවිතා කරති. එවිට ජනතාව තම පාලනය ප්‍රශ්න කරනවා වෙනුවට උනුන් ගහමරා ගනිමින් තම සැබෑ පොදු සතුරා අමතක කර දමති. එය ඉතිහාසය පුරාම නැවත නැවතත් අද දක්වාම සිදුවෙමින් පවතී.

ISIS ත්‍රස්තවාදීන් විනාශකළ ඉස්ලාම් සහ ක්‍රිස්තු බැතිමතුන් පූජනීයත්වයෙන් සලකන අනාගත වක්තෘ Younis (Jonah)ගේ සොහොන් ගැබ සහ පල්ලිය

 

 

Facebook
Twitter
LinkedIn