අන්තිමේ යුදෙව්වොත් හරහට

ඊශ්‍රායලය විසින් පලස්තීනය ආක්‍රමණය කර අහිංසක සිවිල් වැසියන් මරා දැමීමට එරෙහිව මේ වන විට ඊශ්‍රායලයේ සිටින යුදෙව් ජාතිකයන් ඇතුළුව ලෝකය පුරා සිටින යුදෙව් ජාතිකයන්ද උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. මේ අතරින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පැවැත් වූ උද්ඝෝෂණය සහ ඇමරිකාවේ නිව්යෝක් නුවර විරෝධතාවය වැදගත්වේ. එය එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට අවමානයක් වී තිබේ. මේ නිසා ප්‍රමුඛ පෙළේ කිසිදු මාධ්‍යයක් මෙම උද්ඝෝෂණ වාර්තා නොකිරීම විශේෂත්වයකි.

හිටපු ඊශ්‍රායල් ආරක්ෂක සේවා ප්‍රධානීන් හය දෙනෙක්ද පලස්තීන ආක්‍රමණයට එරෙහිව තම විරෝධය ප්‍රසිද්ධියේ ප්‍රකාශකර තිබේ. ඒ අතරින් Avraham Shalom පවසන්නේ ජර්මනිය යුදෙව්වන්ට කළ ආකාරයේම සමූල ඝාතනයක් අද තම රට අනුගමනය කරන බවය. තමන් කුඩා කළ නාසිවාදීන් තම ජාතියට කළ විනාශයේ අත්දැකීම් විඳ ඇති Avraham Shalom පවසන්නේ එවැනිම ඉරණමක් පලස්තීන ජාතිකයන්ට උරුම කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවය.

පලස්තීන ආක්‍රමණයට එරෙහිව විරෝධය දක්වන ඊශ්‍රායලයේ යුදෙව් ජාතිකයන්

 

ඇමරිකාවේ යුදෙව් ජාතිකයන්ගේ පලස්තීන ආක්‍රමණයට එරෙහි උද්ඝෝෂණයක්

Facebook
Twitter
LinkedIn