බස් දාලා ඇද්දත් රැස්වීම් හිස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පැවැත්වෙන පක්ෂයේ ආසන බලමණ්ඩල රැස්වීම් දිගින් දිගටම අසාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ.

මහනුවර ප්‍රදේශයේ පැවති බොහෝමයක් ආසන බලමණ්ඩල රැස්වීම් සඳහා සෙනඟ ගෙන්වීමට යොදාගත් ලංකා ගමණනා ගමන මණ්ඩලයට අයත් බස් රථ පිට ප්‍රදේශවලට පවා යවා ඇතත් ඒ මගින් හෝ සැලකියයුතු පිරිසක් එම රැස්වීම් සඳහා සහභාගී කරවා ගැනීමට හැකිවී නැත.

කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙම රැස්වීම් සඳහා ‍පිරිස සහභාගීකරවා ඇත්තේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා දත්ත එක්රැස්කරන බව පවසමිණි.

Facebook
Twitter
LinkedIn