එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වරකාපොළ ප්රාදේශීය සභාවේ ආණ්ඩුපක්ෂ මන්ත්රී සම්පත් ධනුෂ්ක නොහොත් මිහිර නැමැත්තා වංචණික ලෙස කන්ටේනර් බහාලුමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් දැදිගම පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
පසුගිය 14වනදා හෝ ඊට ආසන්න දිනකදී බටපොත ඇල්ල නෙලුම්දෙනිය ප්රදේශයේ මාර්ගයක් අසල වෙනත් පුද්ගලයෙකු විසින් ස්ථානගත කර තිබී ඇති මෙම කන්ටේනර් බහාලුම තමාගේ බව පවසමින් මන්ත්රීවරයා උඳුගොඩ ප්රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කර තිබේ.
තමන්ට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ පරීක්ෂන අරඹා ඇති පොලීසියට පසුගිය 14වනදා උඳුගොඩ ප්රදේශයේදී මෙම කන්ටේනර් බහාලුම හමුවී ඇති අතර එක් පුද්ගලයෙකු සමග එය අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයාගේ කටඋත්තරයෙන් මන්ත්රීවරයා පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර එදින සිට පොලීසිය මගහරිමින් සිටි මෙම මන්ත්රීවරයා ඊයේ දැදිගම පොලීසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේර්ත් මහතාගේ ප්රබල ආධාරකරුවෙකු බවද පැවසේ.









