කුඩු ගැහිල්ලේ තරම

ශ‍්‍රී ලංකාවේ පුද්ගලයින් 45,000කට වැඩි පිරිසක් හෙරොයින් සඳහා ඇබ්බැහි වී ඇතැයිද ඔවුන් හෙරොයින් භාවිතය සඳහා දෛනිකව රුපියල් කෝටි එකහමාරක් පමණ මුදලක් වැය කරන බවත් සමීක්‍ෂණ මගින් හෙළිවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.

ඒ අනුව වාර්ෂිකව හෙරොයින් වෙනුවෙන් ශ‍්‍රී ලාංකිකයින් වැය කරන මුළු මුදල රුපියල් කෝටි 565ක් පමණ වේ.

මීට අමතරව ශ‍්‍රී ලංකාවේ තවත් පුද්ගලයින් ලක්‍ෂ දෙකක් පමණ ගංජා භාවිතයටද ඇබ්බැහී වී තිබෙන බව සමික්‍ෂණ මගින් හෙලිව ඇතැයිද පැවසේ.

මේ අතර මත්කුඩු සම්බන්ධයෙන් අපරාධවලට අදාලව මෙම වසරේ ගතවූ මාස 7ක කාලයේදී පුද්ගලයින් 12,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn