ජර්මනිය විසින් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවල ක්‍රියාවන් නිරීක්ෂණය කිරීම සඳහා “360 degree view” නම් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඊට හේතු වී තිබුනේ පසුගිය කාලයේ එක්සත් ජනපදය විසින් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ දුරකථන සංවාදවලට සවන් දෙන බව එඩ්වඩ් ස්නෝව්ඩන් විසින් හෙලි කර තිබීම සහ ජර්මන් නිළධාරීන් දෙදෙනෙකු ඇමරිකාවට ඔත්තු සැපයූ බව හෙලිවීම නිසාය.
මේ නිසා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බූදයක් පවා ඇති වී තිබුණි. අවසානයේ ජර්මනිය විසින් චීනය, රුසියාව සහ ඉරාන ඔත්තු සේවාවන්ගේ කටයුතු නිරික්ෂණය කිරීමේ තම පිළිවෙත ලිහිල්කර එය ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඔත්තුසේවා දෙසට යොමුකර තිබේ. එමෙන්ම ජර්මන් ආරක්ෂක අංශවල සිටින ඇමරිකානු සම්බන්ධතා සහිත නිළධාරීන් පිළිබඳවද විශේෂ විමර්ශනයක් ජර්මනිය විසින් ආරම්භ කර තිබේ.
Views: 0









