ET සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය ඊයේ (09) නියෝග කළ අතර අද (10) ඔවුන් කොළඹ පිහිටි නිරෝධායන මධ්යස්ථානයක් වෙත යොමුකර තිබේ.
ETI ආයතනයේ සිදුවූ මූල්ය අක්රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පසුගිය සිකුරාදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ශරීර ඇප මත මුදාහැර තිබිණි.
ඔවුන් යළි ඊයේ (09) දහවල් කොළඹ අතිරේක මහෙස්ත්රාත් රුවන් නෙලුම්දෙණිය මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබිණි.
ETI ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ රුපියල් බිලියන 13කට අධික මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
Views: 0









