අපි නොදන්න නන්දසේන

අපි නොදන්න නන්දසේන

නන්දසේන පැනික් (panic) වී ඇත. පැනික් වූ විට ඔහු කන්ෆියුස් (confuse) වේ. කන්ෆියුස් වූ විට මගේ සීයාගේ වයසේ සිටින ඔහුගේ ඔරකල් බ්රේන් එක මැල්ෆන්ෂන් (malfunction) වෙන්න ගනී. දේශපාලඥයෙකුට අත්‍යාවශ්‍ය වන සංයමය, පරිණතබව, වෘත්තීයභාවය වැනි ටූල්ස් (tools) පාවිච්චි කිරීමට අමතක වෙයි.

පැනික් වූ විට නන්දසේන ගේ දුර්වලතා පෙනෙන්නට ගනී. ලොව කිසිදු මිනිසෙක් පර්ෆෙක්ට් නොවන බව සැබෑය. අප සැම ලඟම දුරුවලතා එමටය. ඒත් “රට රැකුමට එන විරුවෙකුට” තම ස්වයං දුර්වලතා ප්‍රසිද්ධියේ පෙන්නන්ට යාම අතිශය භයානකය. හොඳම උදාහරණය නන්දසේනට පුරවැසිබව හිමිව තිබූ ඇමරිකාවෙන් ගත හැක. අමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෙවන දුර කාලයක් නොලබා පුටුවෙන් බැස යාමට සිදුවුයේ “ගොංකම” ප්‍රදර්ශනය කිරිමේ ප්‍රතිපලයක් ලෙසය. මාධ්‍ය හරහා තමන්ගේ ඉමෝෂන්ස් (emotions) නැතහොත් හයිකාරකං දෙසන්නට ගත් ට්‍රම්ප් හෙට අනිද්දා ගෙදර යන්නේ ජනාධිපති පට්ටම පමණක් නොව තම ට්විටර් සහ ඉන්ටග්‍රෑම් ගිණුම්ද අහිමි කරගනිමිනි.

නන්දසේන වේවේචනය, විචාරය නොඉවසයි. ඔහු බැරූරුම් ප්‍රශ්නකිරීම් හමුවේ ඇඹරෙන හැටි යූටියුබ් ආකයිව්ස් (archive) පරිශීලනය කරන ඔනේම අයෙකුට දැකගත හැක. අද කොටි නායකයා කනෙන් ඇදන් ආවේ තමන් යැයි උදම් අනන ඔහු ජනාධිපති වරණ සමයේ විදේශිය මාධ්‍යයකින් ඉංග්‍රිසියෙන් ප්‍රභාරකරන් ඝාතනය ගැන ඇසු විට කීවේ යුද්ධය කළේ හමුදාපති බවයි. ආර්ථිකය ගොඩ නගන්නේ කොහොමදැයි ඇසු කල අසරණ වූ නන්දසේන තම වැඩිමහල් සොහොයුරා දෙස බැලුවේ පොඩිකාලේ වැල්ලේ කොම්පිට්ටු හදන්නට ගොස් රැල්ලට ගසාගෙන ගිය පොඩි එකාගේ බැල්මෙනි.

රෙස්පෙක්ට් (Respect) එක බලෙන් ගත නොහැක. නියම මිනිහෙක් නම් එය උපයා ගත යුතුය. කොරෝනා දෙවන රැල්ලෙන් හතර හන්දි කඩාගෙන සිටියදි කල “මම තමයි හොඳටම කලේ” වැනි ප්‍රකාශ හරහා නන්දසේනට තිබූ රෙස්පෙක්ට් එක බරපතල ලෙස අප්සෙට් විය.

විවේචනය ඉවසිය නොහැකි නන්දසේන තමන්ට උදව් කළ ෆේස්බුක් බලකායම “සොඳුරු ටොක්කක්” ඇන්න විගසම ජාතිය අමතා “මම බය නෑ” පන්නයේ ලොරි ටෝක් දුන්නේය.

තමන් පරාජය කළා යැයි සැනසුම් සුසුම් හෙලු පාලන ක්‍රමයම නැවත ජයගෙන ඇතිබවත් තමන්ට “සොරි වී” ඇතිබවත් ටිකෙන් ටික පෙනෙන්නට ගත් හැට නව ලක්ෂයක් වන ජන සන්නිපාතය සිය කණස්සල්ල පෙන්නන්නට ගත් මොහොතේ එය තේරුම් ගන්නවා වෙනුවට චරිත දෙකේ ගොං ආතල් “දිමෙන් සිදුවන හානිය වලක්වාලීමට ඥනක්කාටවත් නොහැකි වනු බව නන්දසේන තේරුම් ගන්නවා නම් හොඳය.

හැබැයි කවුරු නොදැන සිටියත් නන්දසේනගේ මේ දුර්වලකම් වෙලාසනින්ම හඳුනාගත් විජිත හේරත්, ලාල් කාන්ත වැනි මිනිසුන් කිහිපදෙනෙකුත් සිටි බව යාන්තමට වාගේ මතකය.

දෙව්මිත් රාජසිංහ ලියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්