බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල 2021 වර්ෂය සඳහා පාසල්වල 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (11) දිනයෙන් ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරන්නේ පාසල් නිවාඩුවට පෙර පාසල් විවෘත කිරීම සඳහා ලබා දුන් සෞඛ්‍ය නිර්දේශ කුඩා සංශෝධනයක් සිදු කර නැවත වරක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවයි.
Views: 0










