නාලක එදිරිසිංහත් CIDයට භාරවෙයි

නාලක එදිරිසිංහත් CIDයට භාරවෙයි

අද (06) පෙරවරුවේ ETI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ETI තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 13.7ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ස්වර්ණමහල් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඊයේ (05) පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි.

ඒ අනුව ETI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ හා අංජලී දීපා එදිරිසිංහ යන සාමාජිකයින් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එහෙත් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කළ නාලක එදිරිසිංහ ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බැවින් ඔහු අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්