නව වසරේ පාර්ලිමේන්තු කටයුතු සැලසුම්කිරීම සඳහා පසුගිය 04 වැනිදා පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ ඇතිවූ දැඩි මත ගැටුම් නිසා පාඨලී චම්පික රණවක ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.
එම රැස්වීම පස්වරු 02.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී පස්වරු 05.30 පමණ දක්වා පැවැත්වී තිබේ. ඒ අතර තුර විපක්ෂයෙන් නව සංධානයක් පිහිටුවීමට ක්රියාකිරීම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මන්ත්රීවරයාට දිගින් දිගටම විරෝධය එල්ල වී තිබේ.
එම පක්ෂයේ මහා ලේකම් රංජිත් මද්ද්රම බණ්ඩාර, තලතා අතුකෝරාල, හර්ෂ ද සිල්වා සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් එම නව සංධානයට විරුද්ධව කරුණු දක්වා ඇත. මේ අතර හරීන් ප්රනාන්දු, අශෝක් අබේසිංහ ඇතුළු මන්ත්රීවරුන් උණුසුම් වාග් සංග්රාමය සමථයකට පත්කිරිමට උත්සාහ දරා ඇති අතර, එහිදී පාඨලී චම්පික මන්ත්රීවරයා ඉවත්ව ගිය බව වාර්තාවේ.
Views: 0









