අම්පාරෙත් ග්‍රාම නිලධාරි වසම් 04ක ගමන් බිමන් තහනම්

අම්පාරෙත් ග්‍රාම නිලධාරි වසම් 04ක ගමන් බිමන් තහනම්

අම්පාර නගරසභා බල ප්‍රදේශයේ කොවිඩ් – 19 ආසාධිත පුද්ගලයින් 05දෙනෙකු වාර්තාවීමෙන් පසුව ග්‍රාම නිලධාරී වසම් හතරක් ආවරණය වන පරිදි සෞඛ්‍ය සංචරණ සීමා පැනවීමට අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අද (06) පියවර ගෙන තිබේ.

ඒ අනුව හිඟුරාණ අම්පාර ප්‍රධාන මාර්ගය දෙපස ඇති මිහිඳුපුර, ඉන්ද්‍රසාරපුර, සේනානායකපුර සහ ජයවර්ධනපුර යන වසම්වලට මෙලෙස සංචරණ සීමා පනවා ඇත. එසේ සංචරණ සීමා පැනවූවද ජනතාවට තම තමන්ගේ අත්‍යාවශ්‍ය ගමානාගමන කටයුතුවලට ඉඩ ලබාදී ඇතැයිද වාර්තා වේ.

පසුගිය 04 දින සේනානායකපුර ග්‍රාම නිලධාරී වසමේ එක් පුද්ගලයෙකුගේ සිදුකල PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හතරදෙනෙකු ආසාධිතයින් බවට හඳුනා ගෙන ඇත.

මෙම පොකුරේ මුල්ම රෝගියා වූයේ අම්පාර පොදු වෙළඳ සංකීර්ණයේ ව්‍යෘපාරිකයෙකුගේ රියැදුරෙකකු වන අතර මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ ඔහුගේ පවුලේ සමීපමයින්ය.

මේ අතර ඊයේ (05) උදෑසන සෞඛ්‍ය සංචරණ සීමා පැනවූ වසම්වල පුද්ගලයින්ට PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබිණී.

සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අම්පාර නගරයට පිවිසෙන සියළුම පිවිසුම් මාර්ග සහ ප්‍රධාන මංසන්ධිවලට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව අම්පාර මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්